වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන ලංගමයෙන් විශේෂ තීරණයක්..!

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 10, 2022 10:27 AM GMT
Report

ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩල සේවක සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනුයි දිවයිනේ ප්‍රදේශ රැසක ශ්‍රී ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ.

ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දියත් කර ඇති මෙම වර්ජනයට බස් රථ රියදුරන්, සහයකවරුන් සහ ඩිපෝ නිලධාරින් ඇතුළත්.

මෙම වර්ජනය සබරගමුව පළාත තුල සහ හෝමාගම, මහරගම, කටුබැද්ද, මීතොටමුල්ල ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඩිපෝ රැසකද ක්‍රියාත්මක කෙරුණා.

නව චක්‍රලේඛවලට අනුව මේ මස 26 වනදාට පෙර සිය හිඟ වැටුප් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කාරක සභික ශාන්ත කුමාර සඳහන් කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now