නාමල්ට වුණේ මොකක්ද? පොහොට්ටුවේ සියලු පැතුම් බොදවී අවසානයේ කරන්න වුණුදේංං
ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම අද සිදු කෙරුණා.
ඒ කොළඹ නෙළුම් මාවත පිහිටි පක්ෂ කාර්යාලයේදී. විශේෂයෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකය ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට පොදු ජන පෙරමුණට කිසිදු සූදානමක් තිබුණේ නැහැ කෙසේවෙතත් පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ නාමල් රාජපක්ෂ මහාතාට ඒ සදහා තව කල් තියෙන බවය්.
එමෙන්ම මීට දින කිහිපයකට පෙර නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා තමා නොවන බවයි.
එක අපේක්ෂකයා ධම්මික පෙරේරා මහතා බවට මීට දින කිහිපයකට පෙර සිටම පක්ෂය තුළත් ඉන් පිටතත් යම් යම් හෙළි කිරීම් වාර්තා වුණා ඒ ඔවුන් ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ නොකරන බව ප්‍රකාශ වීමත් සමගයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ සිදුවූයේ කව්රුත් නොසිතූ දෙයකි. ඒ හදිසියේම ධම්මික පෙරේරා මහතා ලිපියක් මගින් තමාට පෞද්ගලික කාරණයක් මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බව දන්වා තිබුණා.
මෙවැනි පසුබිමක අද සිය අපේක්ෂකයා ලෙඩ 2030 පොදුජන පෙරමුණේ සිහින ජනාධිපතිවරයාට තම කාලය පැමිණීමටත් පෙර ජනපති වීමට සිදුවීමයි.