ශම්මි ඇතුළු නිලධාරී මණ්ඩලය නීතියෙන් පිටද?
Sri Lanka Cricket
Law and Order
Shammi Silva
Latest Headlines
Sinhala news
By Shehan
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණයක් පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ලබන 26 වැනිදාට නියම කර ඇත.
2025-2027 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තෝරා පත්කිරීමේ නිලවරණයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින්, හිටපු උප සභාපති කේ. මතිවානන් මෙම පෙත්සම ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, විධායක කමිටුව, නිලවරණ කමිටුවේ සාමාජිකයන්, ක්‍රීඩා අමාත්‍ය සුනිල්කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, විගණකාධිපති ඇතුළු 31 දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.