රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

Bandula Gunawardane Government Of Sri Lanka
By Wayomi Aug 28, 2024 06:11 AM GMT
Report

එළඹෙන මහ කන්නයේදී වැඩි වී අස්වැන්නක් ලබාගැනීමට හැකි වන පරිදි සහ වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම වෙනුවෙන් හෙක්ටයාර දෙකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාරය රුපියල් 50,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (27) ප්‍රකාශ කළා.


වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

    

ඒ, අනුව ගොවීන් සඳහා දැනට හෙක්ටයාරයකට රුපියල් 15,000ක් පොහොර සහනාධාරය ලෙස ගෙවීමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් එම මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

ඔහු අවධාරණය කර සිටියේ, වී ගොවීන් වෙනුවෙන් ලබාදෙන පොහොර සහනාධාරය වැඩි කළ යුතු බවට විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ බවත් සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවත්ය.

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

එමෙන්ම පොහොර සහනාධාරය ලෙස රුපියල් පහළොස්දහස වෙනුවට රුපියල් 30,000 ලබාදිය යුතු බවට විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීම් කළ බවත් මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කර වහාම ක්‍රියාත්මක වන පරිදි පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් විසිපන්දහස බැගින් ගෙවීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 50,000 මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට ලැබෙන පරිදි මූල්‍යමය සහනාධාරය ලබාදීමට තීරණය කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

මේ අතර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් මත වාණිජ බැංකු හරහා රුපියල් මිලියන 6,000ක උපරිමයක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ඔඩපණ ණය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

වී මිල දී ගැනීමේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ සහ එළඹෙන මහ කන්නයේ වී නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් යෝජනා ගණනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියා.

ඒ අනුව 2024 යල කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා සක්‍රියව සහභාගි වීමට හැකි වන පරිදි වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීමට ද අනුමැතිය හිමිවී ඇත.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය මඟින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක් බැගින් ද සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115ක් බැගින් ද කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක් බැගින් ද මිල දී ගැනීම සිදු වේ.

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය. - අනිද්දා වෙන්න යන විශේෂ දේ මෙන්න.

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය. - අනිද්දා වෙන්න යන විශේෂ දේ මෙන්න.