තත්වය අවධානම් වෙන්න කලින් චර්ම පිළිකා හඳුනාගන්නේ මෙහෙමයි.

Cancer Skin Cancer Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Sep 02, 2023 06:31 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

🟢අද වනවිට ලෝකයේ සිදුවන වැඩි මරණ ප්‍රමාණයකට හේතුවෙලා තියෙන්නේ පිලිකාවයි අපේ ඕනෑම අවයවයක පිළිකාවක් වර්ධනය වෙන්න පුළුවන්. සම කියන්නේ අපේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය වෙනවා . මේ සම සෛල වර්ග කිහිපයකින් සමන්විත ස්ථර දෙකකින් සමන්විත වෙනවා. මිනිස් සමේ පැහැය තීරණය කරන මෙලනින් වර්ණකය නිපදවීම් සිදු කරන මෙලනසයිට් ලෙස හඳුන්වන සෛල වර්ගත් මේ සමේ පිහිටා තියෙනවා.ඒවායේ මෙලනින් ශ්‍රාවය වීම පාලනය වන්නේ අන්තරාසර්ග පද්ධතිය මගින්.ඉතින් මේ සම ආශ්‍රිතවත් බහුල වශයෙන් පිළිකාවන් වර්ධනය වෙනවා. නමුත් ඒවා හඳුනා ගැනීමේ අපහසුව නිසා එය ශරීරයේ බොහෝ ප්‍රදේශයකට පැතිරීයාමට හැකියාව වැඩියි.අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ  සමේ ඇති වන පිළිකා එහෙමත් නැත්නම් චර්ම පිළිකාවක් හඳුනාගන්නේ කොහොමද කියලයි එන්න අපි දැන් ඒ කොහොමද කියලා බලමු  

1 බේසල් සෙල් කාර්සිනොමා

🟢මේ පිළිකාව බොහෝවිට සමෙන් එළියට නෙරා ගිය තද පැහැති ඝනවීමක් ලෙස දකින්න ලැබෙනවා.ඒ වගේම ඒ එහි මැද කොටස ඉබේම හෝ යම් ගැටීමක් නිසා හෝ තුවාල වී රුධිරය ගැලීමක් ද වෙන්න පුළුවන් .ඒ විතරක් නෙවෙයි මේවායින් වැඩි ප්‍රමාණයක වර්ධක කළු පැහැයක් ගත්තත් 10% ක් පමණ පිළිකා වර්ණ රහිතව දකින්නට පුළුවන්.මේ පිළිකා වර්ගය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ හිස,නාසය, කන්පෙති, ඇස් වට ප්‍රදේශය හා අත්වල පිටි පැත්ත යනාදී  ප්‍රදේශවලයි. එමෙන්ම අත්ලේ, යටි පතුලේ ආදී රෝම කූප නොමැති ප්‍රදේශවල මේ පිළිකාව දකින්නට ලැබෙන්නේ නැහැ.ඉතින් විශේෂයෙන් වෙනත් ස්ථානවලට ව්‍යාප්තවීමක් දකින්නට නොලැබෙන මේ පිළිකාව නොසලකා හැරියොත් එය සම අභ්‍යන්තරයේ අස්ථි දක්වාම ගමන් කිරීමේ හැකියාව තියෙනවා.


2 ස්ක්වේමස් සෙල් කාර්සිනොමා

🟢මේ පිළිකාවත් සමෙන් ඉදිරියට වර්ධනය වූ ආකාරයකින් දකින්නට පුළුවන්.හැබැයි මෙහි  යම් සැක සහිත වර්ධනයක් ඇත්නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

🟢මේ හැරුණාම සමේ ඇතිවන පිළිකා නැත්නම් චර්ම පිළිකා  වර්ග ගණනාවක් පවතිනවා.ඒව එක් එක් වර්ගයේ ස්වරූපය එකිනෙකට වෙනස් වෙනවා.ඒවිතරක් නෙවෙයි මේ පිළිකාව වැළදෙන පුද්ගලයාගේ මේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් එහි ස්වරූපය වෙනස්වීමකට ලක් වෙනවා.

🟢දැන් අපි චර්ම පිලික කියන්නේ මොනවද කියලා බැලුවනේ දැන් අපි එක හඳුනාගන්නේ කොහොමද කියලා බලමු .


චර්ම පිළිකාවක් හඳුනාගත හැකි ලක්ෂණ

🟢සමේ ඇති සුව නොවන තුවාල හා ඒ තුවාලවලින් රුධිරය වහනය වීම හෝ මතුපිට කබොලක් සෑදී තිබීම.

🟢සමේ පැහැයට වඩා වෙනස් තද පැහැයට හැරෙමින් පවතින ලප. 

🟢මතුපිටක් හෝ අක්‍රමවත් දාරයක් සහිත ඝන කැළැලක් තිබීම.  

🟢දිළිසෙන සුළු හෝ සිනිදු මතුපිටක් සහිත ගැටිත්තක් හෝ රතු හෝ තද පැහැයක් ගත් ගෙඩියක් පැවතීම. අත්ලේ හෝ පතුලේ අඳුරු පැහැ ලපයක් ක්‍රමයෙන් විශාල වන උපන් ලප හෝ වෙනත් ලප පෙර නොවූ කැසීමක් සමේ ඇතිවීම. 

🟢නියපොතු තද පැහැති පටියක ආකාරයේ පිහිටා තිබීම යනාදී ලක්ෂණ මගින් චර්ම පිළිකාවක් තිබෙන බව හඳුනාගන්න පුළුවන්.


මේ චර්ම පිළිකා කාට වුනත් අතිඑන්න පුළුවන් හැබැයි මේ චර්ම පිළිකා ඇති වීමේ වැඩි අවදානමක් සහිත අයත් ඉන්නවා ඔවුන් තමයි .

🟢ආසනික්වලට වැඩි වශයෙන් නිරාවරණයවන පුදගලයින්. 

🟢සමේ තුවාල සහ කැළැල් පවතින පුද්ගලයන්.

🟢සමේ සංවේදීතාවය ඉහළ දමන ඇතැම් සමේ රෝග හා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන පුද්ගලයන් යන අයට සුලභවම මේ චර්ම පිලික ඇතිවෙන්න පුළුවන්.

අද අපි කිව්ව මෙන්න මේ කරුණු කාරණා මගින් ඔබට සමේ  පිළිකාවක් නැත්නම් චර්ම පිළිකාවක්  තිබෙනවද කියලා හඳුනාගන්න උළුවන් ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.