ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගත් සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී යළි රිමාන්ඩ්
SJB
Latest Headlines
Sinhala news
Puwath.lk
Remand
By R.rishma
නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රිපීටර් වර්ගයේ ගිනිඅවියක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත පසුගිය 11 වැනිදා ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අද (13) සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.