සමගි ජනබලවේගයේ ප්‍රා.ස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
SJB
Sri Lanka Politician
Sinhala news
Puwath.lk
Arrest
By R.rishma
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රිපීටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.
අදාළ ගිනි අවිය මන්ත්‍රීවරයා වෙත ලැබුණු ආකාරය පිළිබඳවද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය පවසයි. එමෙන්ම, අදාළ ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.