ජාතික ජන බලවේගය හා සජබය IMF හා සාකච්ඡාවේදී සිදු වූ දේ..මැතිවරණයට මොකද වෙන්නේ..?
සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් සමඟ ද ශ්‍රී ලංකාවේ දින 09ක පමණ සංචාරයේ නිරත වූ IMF නියෝජිත පිරිස, සාකච්ඡා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගෙන් අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කරුණු විමසා ඇත
. "මේ වසරේ මැතිවරණ පැවැත්වෙතැයි බලාපොරොත්තු වෙනවා. IMF එක හැමවිටම සියලු පාර්ශ්වවලට, විවිධ මතවලට ඇහුම්කන් දෙන්න සූදානම්. එමගින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ මතය ගැන අදහසක් ගත හැකියි. ඇත්තටම මැතිවරණයක පෙර මෙන්ම පසුවත් ඒ සම්බන්ධයෙන් දැන ගැනීම වැදගත්.
නමුත් මම මුල දී කිව්වා වගේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුගත ව කටයුතු කිරීම වැදගත්. මේ වනවිට එම වැඩසටහනින් බලාපොරොත්තු වූ සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. එමගින් ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ එන්න හැකිවෙයි. ඊට ටිකක් කල් යයි."
Sponsored By Sarrita Jewellery