මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති - එකම පවුලේ 06කට හූනෙක් කළ දෙයක්.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න.

Nigeria Death
By krishani Nov 26, 2023 11:31 AM GMT
Report

හූනෙක් හේතුවෙන් නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක සය දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් සියලු දෙනා මියගොස් ඇති බව සඳහන් වේ.

නයිජිරියානු පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මරණයට හේතුව ආහාර විෂවීමක් බවයි.

මොවුන්ගේ නිවසින් කිසිදු ශබ්දයක් නොමැති වීම හේතුවෙන් අසල්වැසියන් විසින් නිවස පරික්ෂා කර තිබෙනවා.

ඒ නිවස කඩා ඇතුළු වීමෙන් ය.

එම අවස්ථාවේ එම නිවසේ පිරිස එක් එක් කාමරවල මියගොස් සිට ඇත.

ඔවුන් සියලු දෙනා නිදා සිටි අයුරින්ම මියගොස් ඇති අතර නින්දේදීම මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී එම පවුලේ පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙලෙස ආහාර විෂ වී මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙක් ය.