උද්ඝෝෂකයෙකුට පහරදීමත් සමඟ අරලියගහ මන්දිරයෙන් පිටත නොසන්සුන්කාරී තත්ත්වයක් - එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)

Mahinda Rajapaksa Sri Lankan protests Prime minister SL Protest
By krishani Apr 29, 2022 05:17 AM GMT
Report

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (29) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාකරුවෙකුට පහරදුන් බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් එහි හටගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම ස්ථානය ආසන්නයේ දින කිහිපයක සිට නවත්වා තිබූ බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ තාවකාලික ආවරණ කිහිපයක් ඉවත් කිරීමට පොලිසිය අද පෙරවරුවේ පියවර ගෙන ඇත.

එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයකින් රැගෙන ගොස් ඇත.

මේ අතර පදික වේදිකාව අවහිර වන ලෙස දින කිහිපයක සිට බස්රථ නවතා තැබීම සහ අධික ශබ්දයෙන් පිරිත් විකාශය කිරීම මගින් ඇතිවන පීඩාකාරී තත්වය පිළිබද නීතීඥවරුන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසයේ නිරතව සිටින එක් අයෙකුගේ සෞඛ්‍ය තත්වය පිරිහීම හේතුවෙන් උපවාසය නවතා දමන ලෙස රතු කුරුස සංවිධානයේ සෞඛ්‍ය නිළධාරීන් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බව වාර්තා විය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join