සිරියානු වෛද්‍යවරයෙක් ලොව පුරා රටවලින් වෛද්‍ය ආධාර ඉල්ලයි
උතුරු සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු වෛද්‍ය ආධාර වැඩි කරන ලෙස රටවල්වලින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා.
භූමිකම්පාවෙන් පසු පළමු දිනයේදී පමණක් රෝහල් දෙකේදීම පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් මිය ගිය බවයි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින උතුරු සිරියාවේ අල්-ෂිෆා සහ ඇට්මේ යන රෝහල්වල සේවය කරන වෛද්‍ය මොහොමඩ් හසූන් පවසා තිබෙන්නේ.
සිරියාව සතුව ඇති වෛද්‍ය සැපයුම් උතුරු සිරියාවේ ජනතාවගෙන් 20% කගේ හෝ අවශ්‍යතා සම්පුර්ණ නොකරන බවද එම වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තම පවුලේ අය තුර්කියේ මහල් නිවාසයක සුන්බුන්වලට යට වී සිරවී සිටින බවයි.
භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිරියාවේ රැඳී සිටීමට තමන් ගත් තීරණය පිළිබඳව සිත් වේදනා ඇතිවුවද වෛද්‍යවරයකු ලෙස සිතා තුවාල වූ සිය ගණනකට ප්‍රතිකාර කිරිමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ