ඔබ මෝඩයෙක් කියලා හිතන්න එපා. මේ ලක්ෂණ 14 තියෙනවා නම් ඔබත් බුද්ධිමත් පුද්ගලයෙක්.

By Wayomi Oct 21, 2022 08:50 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

උගත්කමයි..බුද්ධිමත්කමයි එකට තිබුණට මේ දෙක දෙකක්. පොඩි කාලේ ඉඳන්ම උගත්කම ලැබෙන නමුත් බුද්ධිමත්කම ලැබෙන්නේ උපතින්මයි. හැබැයි කොච්චර බුද්ධිමත් අය සිටියත් සමහර වෙලාවට එයාලවත් දන්නේ නෑ එයාලා බුද්ධිමත් කියලා.

ඔබ ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් මං හරිම මෝඩයි කිසිම දෙයක් කරගන්න බැහැ කියලා. හැබැයි ඒ විදිහට හිතන ඔබ ඇතුලේ සැඟවුණු බුද්ධිමත්කම තියෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට අපේ සමාජය, විශේෂයෙන්ම සමහර ගුරුවරු, සමහර දෙමව්පියන් පුරුදුවෙලා ඉන්නවා ගණන් බැරි එකා මෝඩයා ගානට දාන්න. එතකොට අර පොඩි කාලේ ඉදලම ලැබෙන මානසික කඩා වැටීම නිසා කොච්චර බුද්ධිමත් වුණත් ඒ ගැන තමන්ට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගණන් කියන්නේ විෂයක් විතරයි එය උගත්කමක් මිස බුද්ධිමත්කමක් නෙවෙයි.

ඇල්බට් අයින්ස්ටයින්, විලියම් ෂේක්ස්පියර් සහ මාරි කියුරි සිතන්න. එක එක්කෙනාට වෙනස් ජීවිත කතාවක් තිබුණු අතර ලෝකයට අද්විතීය දායකත්වයක් ඔවුන් ලබා දුන්නා.

සෑම සුපිරි බුද්ධිමත් පුද්ගලයින්ම සතු ගුණාංග තිබෙනවා. ඉතින් ඔබ ඔබ ගැන නිතරම අවතක්සේරු කරගන්නේ නැතුව ඔබත් සැඟවුණු බුද්ධිමතෙක්ද කියලා බලමු.

බුද්ධිමත් පුද්ගලයින්ම සතු ගුණාංග


01 ඕනෑම පරිසරයකට අනුගත වීම

😇 බුද්ධිය රඳා පවතින්නේ ඔබේ පරිසරය සමඟ වඩාත් ඵලදායී ලෙස මුහුණ දීමට හෝ ඔබ සිටින පරිසරයට වෙනස්කම් කිරීමට ඔබේම හැසිරීම් වෙනස් කිරීමට හැකිවීම මතයි.

😇 ඒ කියන්නේ මානව බුද්ධිය, අත්දැකීම් වලින් ඉගෙනීමට, නව තත්වයන්ට අනුවර්තනය වීමට, වියුක්ත සංකල්ප තේරුම් ගැනීමට සහ හැසිරවීමට සහ තම පරිසරය හැසිරවීමට දැනුම භාවිතා කිරීමට ඇති හැකියාවන්ගෙන් සමන්විත මානසික ගුණාංගයි.


02. නොදන්නා දේවල් මොනවද කියලා ඔබට තේරෙනවා.

😇 සාමාන්‍යයෙන් බුද්ධිමත් පුද්ගලයන් තමන් නොදන්නා දෙයක් තියෙනවා නම් ඒ දේවල් දන්නේ නැහැ කියලා පිළිගෙන සද්ද නැතුව ඉන්නවා.

😇 හැමදේම දන්නවා කියලා පෙන්නගෙන නොදන්නා දේවල් ගැන කියවන්න යන්නේ නැහැ.ඒ වගේම ඔවුන් නොදන්නා දේවල් ගැන විස්තර සොයනවා, ඉගෙන ගන්නවා.


03. හැමදාම අදින්නේ එකම ඇඳුම් ටික නම්,

😇 ඔබ ඇඳුම් , මෝස්‌තර වැනි සුකුරුත්තම් වලට වැඩි අවධානයක් නොදී විශේෂ දේවල් වලට විතරක් අවධානය දෙනවා නම් ඔවුන් බුද්ධිමත් බවින් වැඩි පුද්ගලයන් ලෙසයි පර්යේෂකයන් විසින් හඳුන්වාදී ඇත්තේ.


04 ඔයාට අනිත් අය හිතන දේ දැනෙනවා නම් ,

😇 අනිත් අය හිතන දේ එයාලා කියන්න කලින් දැනෙනවා නම්, අනිත් අයව තේරුම් අරන් ඔබ පරිස්සමට වචන භාවිතා කරනවා නම්, ක්‍රියා කරනවා නම් ඔබ බුද්ධිමත් අතින් ඉහළ පුද්ගලයෙක් ලෙසයි හඳුන්වන්නේ.

😇 විද්‍යාඥයන් කළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ අනිත් අයව තේරුම් අරන්, අනිත් අය වෙනුවන් කැපෙන ගොඩක් පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා වන බවයි.


05. ඔබට හොඳ ස්වයං පාලනයක් තිබීම

😇 ඔබට තරහව ඇතුළු ඕනෑම හැඟීමක් තැනට සුදුසු වන පරිදි පාලනය කරගන්න පුළුවන් නම්, හොඳ ඉවසීමක් තියෙනවා නම් ඔබ බුද්ධිමත් බැවින් ඉහළයි.


06.ප්‍රශ්න හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම.

😇 ඕනෑම කෙනෙකුට ජීවිතයට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සමහරු පිස්සෝ වගේ හැසිරෙනවා, මානසිකව අන්තෙටම කඩා වැටෙනවා.

😇 තවත් සමහරු ජීවිතය පවා නැති කරගන්නවා. සමහරුන්ට තම ප්‍රශ්න විසඳාගන්න යාලුවෝ හෝ වෙන්ත අයගේ උපකාර ඕන වෙනවා.

😇 නමුත් බුද්ධිමත් බවින් වැඩි කියලා සැලකෙන අය තමන්ට ඇති වන ප්‍රශ්නයක් ආවම ඒ ගැන හිතනවා සමහර විට ටිකක් අඬලා දොඩලා දුක් වෙන්නත් පුළුවන්.

😇 ඊට පස්සේ තම ප්‍රශ්නය ගැන තමන්ම හිතනවා, එය ඇති වුණේ කොහොමද කියලා හිතනවා, ලෝකයට හඬගා කෑ ගන්නේ නැතුවනිශ්ශබ්දව තමන් විසින්ම ප්‍රශ්න වලට විසඳුම් සොයාගන්නවා.


07. තමුන්ගේ වැරදි වලට කාටවත් චෝදනා කරන්නේ නැත්නම්,

😇 බුද්ධිමත් අය තමන්ට ප්‍රශනයක් වුණාම හෝ තමන් අතින් වැරද්දක් වුණාම ඒකට අනිත් අයට චෝදනා කරන්නේ නැහැ. තමන් අතින් වැරද්දක් වුණා නම්, ඔවුන් එය පිළිගන්නවා.

😇 ඒ වගේම අනිත් අයගේ වැරදි පෙන්නලා දෙනවා මිසක් වටේට කියා කියා ඇවිදින්නේ නැහැ.


08. තනියම කතා කරනවා කිරීම.

😇 ලොව පුරා විද්‍යාඥයන් සහ පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙනවා, බුද්ධිමත් පුද්ගලයන්ට තමන් සමඟම කතා කිරීමේ පුරුද්දක් තියෙන බව.

😇 ඒ කියන්නේ තමන්ට තියෙන ගැටළු ගැන තමන්ගේ මනසින්ම විමසලා, තමන් තමන් සමඟම කතා කරලා විසඳා ගන්න එක බුද්ධිමත් බවේ ලක්ෂණයක්.


09. අත්අකුරු අවලසන්න වීම.

😇 මේක හැමෝටම එක වගේ බලපාන්නේ නැහැ. සමහරු නම් ඉන්නවා ඕනවට එපාවට අකුරු ලියන අය.

😇 නමුත් ඔය අතරේ ඉන්න බුද්ධිමත් අයගේ අත්අකුරු අවලසන්න සහ අපිළිවෙල වීමට හේතු වෙලා තියෙන්නේ ඔවුන් ලිවීමේ වේගයට වඩා සිතීමේ වේගය වැඩිවීමයි.

😇 ඒ වගේම ඔවුන් වැඩිපුරම කැමති ලිවීමට වඩා ඇහුන්කන් දීම, සිතීම සහ ප්‍රායෝගික අධ්‍යනයන්ටයි.


10. ඔවුන් තුළ නොඉවසිය හැකි කුතුහලයක් පැවතීම.

😇 මොවුන් ඕනෑම දෙයක් ගැන කුතුහලයෙන් පසුවන අතර ඒ දේවල් ගැන සූක්ෂම ආකාරයට පවා සොයා බැලීමට උත්සහ කරනවා.


11. ඔවුන් අන් අයගේ අත්දැකීම් වලට සංවේදීයි.

😇 මනෝවිද්‍යාඥයන් තර්ක කරන්නේ සංවේදනය, අන්‍යයන්ගේ අවශ්‍යතා සහ හැඟීම්වලට අනුගත වීම සහ එම අවශ්‍යතාවලට සංවේදී වන ආකාරයෙන් ක්‍රියා කිරීම චිත්තවේගීය බුද්ධියේ මූලික අංගයක් බවයි.

😇 චිත්තවේගීය වශයෙන් බුද්ධිමත් පුද්ගලයින් සාමාන්‍යයෙන් නව පුද්ගලයින් සමඟ කතා කිරීමට සහ ඔවුන් ගැන වැඩි විස්තර දැන ගැනීමට උනන්දු වෙනවා.


12. අත්දැකීම් වලට කැමතියි.

😇 බුද්ධිමත් පුද්ගලයන් කලින් කිව්වා වගේ නිතරම ඉන්නේ කුතුහලයෙන්නේ. ඉතින් ඒ නිසාම ඔවුන් සෑම අවස්ථාවකදීම සෙවීමේ පිපාසයෙන් පෙළෙනවා.

😇 ඒ නිසාම ඔවුන් තමන්ගේ හෝ අනුන්ගේ ජීවිතයට එන අත්දැකීම් ලබන්න, විඳින්න කැමති සහ ඒවායෙන් ඉගෙන ගන්න කැමතියි.


13. ඊට අමතරව ඔවුන් අධික ඝෝෂාකාරී සිංදු, ශබ්ද වලට කැමති නැහැ.

😇 ඒ අධික ඝෝෂාකාරී බව ඔවුන්ගේ සිතීමේ ක්‍රියාවලියට, මානසික සුවයට බාධා වීම නිසයි.


14. එමෙන්ම විද්‍යාඥයන් පවසන්නේ බුද්ධිමත් පුද්ගලයන් චොක්ලට් කන්න ප්‍රියතාවයක් දක්වන බවයි.   



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW