සීගිරිය හා ඒ ආශ්‍රිත ජනප්‍රවාද මත වලින් බිදක්...
සීගිරිය, ආලකමන්දාව, සිංහපුර, ගිරි බලකොටුව, සිංහ බලකොටුව, සිංහගිරිය, සිංහ බලපවුර හෝ සිංහ පර්වතය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය ආශ්‍රිතව පිහිටා ඇති බලකොටුවකි. මීටර් 200 ක (අඩි 661) පමණ උසකින් යුත් පර්වතය දැවැන්ත ස්වාභාවික නිර්මාණයකි. ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය.
කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ.
පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්‍යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත. එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය. ගිරි දුර්ග යනු ගිරියෙන් යට කරපු යනුවෙනී.
ශ්‍රී ලංකාවේ පුරාණ ඵෙතිහාසික වංශ කතාවක් වූ මහා වංශයෙහි කාශ්‍යප විස්තර වන්නේ ධාතුසේන රජුගේ පුත්‍රයා වශයෙනි. කාශ්‍යප තම පියා ධාතුසේන රජු පණ පිටින් බිත්තියකට බැඳ ජීවිතක්ෂයට පත් කොට තම සහෝදරයා වූ මුගලන්ට උරුමව තිබූ රජකම පැහැර ගත්තේ ය. මොග්ගල්ලාන යනු රජුගේ අග බිසවගේ පුත්‍රයා ය. මොග්ගල්ලාන ඉන්දියාවට පලා ගියේ තම සහෝදරයා වූ කාශ්‍යප විසින් ඝාතනය කරනු ලැබේය යන බියෙනි. ඵහෙත් කාශ්‍යපගෙන් පලි ගන්නා බවට ඔහු ශපත කළේ ය. ඔහු ආපසු ලංකාවට පැමිණ තමනට උරුම රාජ්‍යය ලබා ගන්නෙමැයි අදහසින් ඉන්දියාවේ සිට සේනා සංවිධානය කළේ ය. මොග්ගල්ලානගේ ආපසු පැමිණීම නියත වශයෙන්ම සිදු වන බව සිතූ කාශ්‍යප සීගිරිය බලකොටුවක් වශයෙන් තෝරා ගෙන ඵහි මතුයෙහි මාළිගාවක් ද ඉදි කළේය. මොග්ගල්ලාන ආපසු පැමිණ යුද්ධ ප්‍රකාශ කළේය. යුද්ධය කෙරීගෙන යන අතරතුරේ දී කාශ්‍යපගේ හමුදාව ඔහු තනි කළේ ය. කාශ්‍යප තම කඩුව මත ඇද වැටී සිය දිවි හානි කර ගත්තේ ය.
පුරාවෘත්තවල සහ ජනප්‍රවාදවල සඳහන් වන අන්දමට ඵ් පුවත මෙසේය "කාශ්‍යප තම යුද හස්තියා සටන් කිරීමට සුදුසු ස්ථානයක් සොයා වෙනත් තැනකට මෙහෙය වූ විට ඔහුගේ හමුදාව ඵය වරදවා තේරුම් ගත්තේ කාශ්‍යප පැරදී පසු බසින ලෙසිනි" ඉන් පසු ඔහුගේ හමුදාව කාශ්‍යප සම්පූර්ණයෙන් ම තනි කොට පලා ගියහ. මුගලන් තම අගනුවර ලෙස අනුරාධපුරය තෝරා ගත්තේ ය. සීගිරිය ආරාම සංකීර්ණයක් බවට පත් විය.
වෙනත් කතාන්දරවලින් කියවෙන්නේ සීගිරියේ මුල් නිමැවුම්කරු ධාතුසේන රජු බවත් තම පිය රජු සිහිවීම පිණිස කාශ්‍යප එහි වැඩ කටයුතු නිම කළ බවත් ය. කාශ්‍යප රජු විනෝදකාමියෙකු මෙන්ම සීගිරිය විනෝද මාළිගාවක් ලෙස ඉදි වූ බවත් වෙනත් කතාන්දරයකින් කියවෙයි. කාශ්‍යපගේ අවසාන ඉරණම පිළිබඳව තිබෙන තොරතුරු අස්ථීර ය.
සමහර ප්‍රවාදවල කියවෙන්නේ කාශ්‍යපගේ අනියම් බිරියක විසින් වස දීමෙන් ඔහු ඝාතනය වූ බවයි. ඔහුගේ අවසාන සටනේදී ඔහුගේ හමුදාව විසින් තනි කිරීම නිසා තම අසිපතින් ගෙල සිඳ ගෙන කාශ්‍යප දිවි තොර කර ගත් බව තවත් කතන්දරයකින් කියැවේ. සීගිරිය නිර්මාණය බෞද්ධ ප්‍රජාවගේ කාර්යයක් වූ බවත් ඊට හමුදා සහභාගිත්වයක් කිසිසේත් නො වුණු බවත් තවදුරටත් විස්තර කරන අර්ථකථනයන් ද තිබේ. පුරාණ ලංකාවේ මහායාන හා ථෙරවාද දෙපාර්ශවය අතර පැවති තරඟයේදී සීගිරි පරිශ්‍රය වැදගත් ස්ථානයක් ඉසිලූ බව ද කියැවේ.
අන්තර්ජාලය ඇසුරින්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |