ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේදී සිදු වන භයානක තත්වයක් ගැන අලුත්ම සොයාගැනීම. - සුද්දොත් අමාරුවේ වැටිලා.

World Health Organization Ministry of Health Sri Lanka England World
By Wayomi Nov 21, 2023 08:39 AM GMT
Report

ප්‍රතිජීවක ඖෂධ වලට කලක් තිස්සේ මිනිස් සිරුරු හුරුවූ පසුව ඒවාට රෝග යටපත් කිරීමේ හැකියාව නැතිව බොහෝදෙනෙක් දන්නා නොදන්නා කරුණක්.

කෙසේ වෙතත එංගලන්කයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මෑතක කළ පර්යේෂණයකින් ප්‍රතිජීවක ඖෂධ ගැන විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ, ප්‍රතිජීවක ඖෂධ හිතුමනාපේ ලබා ගැනීමෙන් සහ තමා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ වෙනත් අයෙකුට ලබාදීම භයානක බවයි.

ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේදී සිදු වන භයානක තත්වයක් ගැන අලුත්ම සොයාගැනීම. - සුද්දොත් අමාරුවේ වැටිලා. | Side Effects Of Taking Antibiotics

ඔවුන් වැඩිදුරටත් අවධානරණය කරන්නේ, ඉතිරි වූ ප්‍රතිජීවක ඖෂධ මිතුරන්ට සහ පවුලේ අයට ලබා දීමෙන් ඖෂධවලට ප්‍රතිරෝධී ආසාදන ඉහළ යාමේ අවදානම වැඩිව ඇති බවයි.

විමර්ශනය කරන ලද දත්ත මගින් එරට තුළ අදාළ සිද්ධීන්වල වැඩිවීමක් පෙන්නුම් කරන බව ද එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ (UKHSA) ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කොලින් බ්‍රවුන් සිය පර්යේෂනය මගින් පෙන්වාදී තිබෙනවා.

මීට අමතරව ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ, ආසියානු උරුමය ඇති පුද්ගලයින් සුදු ජාතිකයින්ට වඩා වැඩි අවදානමකට ලක් විය හැකි බවයි.

දරුණු ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන , රුධිර ප්‍රවාහ ආසාදන, UTIs, ශල්‍ය ස්ථාන ආසාදන සහ ශ්වසන ආසාදන 4% ක වැඩිවීමක් සිදුව ඇති අතර කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව තුළ කැපී පෙනෙන පහත වැටීමක් සිදු වුවද නැවත එය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ඔවුන්ගේ පර්යේෂණ වාර්තාවේ සඳහන්.

ඒ අනුව පර්යෙක්ෂකයින් ප්‍රකාශ කරන පරිදි සියලුම ආසාදනවල පුළුල් වර්ධනයක් සිදුව ඇති අතර දරුණු ප්‍රතිජීවක-ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.  

ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේදී සිදු වන භයානක තත්වයක් ගැන අලුත්ම සොයාගැනීම. - සුද්දොත් අමාරුවේ වැටිලා. | Side Effects Of Taking Antibiotics