13 හැවිරිදි පුංචි යතුරුපැදි ධාවකයාට දිවි අහිමි කළ යතුරුපැදි තරගයේ බිහිසුණු අනතුර..(PHOTOS)
India
By Sewvandhi
2 years ago
විදෙස් මාධ්‍ය ,ඉන්දියානු ජාතික යතුරුපැදි ධාවන ශූරතාවලියේ චෙන්නායි හි මදුරාසි ජාත්‍යන්තර ධාවන පථයේදී ඊයේ සිදුවූ අනතුරින් 13 හැවිරිදි ධාවකයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා කරනවා.මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රේයස් හරීෂ් නැමැති ක්‍රීඩකයෙක්.
තරගයේ පළමු වටයේ නැම්මක් ගැනීමට යාමේ දී යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරට ලක්ව ඇති අතර, එහිදී මෙම ක්‍රීඩකයාගේ හිස්වැස්ම ගැල වී ගොස් තිබෙන අතර එම අවස්ථාවේ දී පිටුපසින් පැමිණි ක්‍රීඩකයාට තම යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ශ්‍රේයස් මතින් ධාවනය වී ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
සිදු වූ අනතුරින් ශ්‍රේයස්ගේ හිසට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


