බාහිර රෝගී අංශයටත් ආ ඖෂධ හිඟය..

Sri Lanka
By krishani Oct 31, 2022 08:39 AM GMT
Report

මෙතෙක් රජයේ රෝහල් වල සායන වලට පමණක් සීමා වී තිබූ ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශය දක්වා ව්‍යාප්ත වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

බාහිර රෝගී අංශවල මූලික ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ පවා ඇතැම් රෝහල්වල නොමැති තත්ත්වයක් පවතින බව කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවක දී එම සංගමය පැවසීය.

මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික ඔසුසැල්තුළින් ඖෂධ මිලදී ගැනීමට යාමේදී ඒවායේ මිල ගණන් ඉහළ යාම නිසා රෝගීන්ට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමට රජය වහා මැදිහත් වීය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලු‍ත්ගේ කියා සිටියේ ය.