යතුරු පැදියෙන් ගමන් ගත් දෙදෙනෙකුට වෙඩි තබයි..එක් අයෙකු මියයයි..
වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී ඊයේ (15) වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුදලයින් දෙදෙනෙකු හට මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරු පැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වන වැලිගම පැලෑන පදිංචි කරුවෙක් බවයි පැවසෙන්නේ.
වෙඩි තබා පලා ගිය සැකකරුවන් සොයා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මේ අතර කොස්ගොඩ ප්රදේශයේදී පියා සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්රයා මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ SOS ගම්මානයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.
පියා සහ පුත්රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පියා විසින් තියුණු ආයුධයකින් පුත්රයාගේ ගෙල ප්රදේශයට පහරදී තිබේ.
ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 62 හැවිරිදි වියේ පසුවන පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |