වීරකැටියේ වෙඩි තැබීමක්..පුද්ගලයෙක් මරුට..

Sri Lanka Police Hambantota Shooting Sri Lanka Accident
By Aruna May 11, 2023 04:29 AM GMT
Report

වෙඩි වැදීමක් හේතුවෙන් මියගිය වයස අවුරුදු 45 කට ආසන්න පුද්ගලයකුගේ සිරුරක් වීරකැටිය රෝහලට භාර දී ඇති බවට වාර්තා වනවා.

මෙම සිදුවීම රාත්‍රී කාලයේ සිදුවී ඇති බවත්,කුමණ හේතුවකින් වෙඩි වැදුනාද යන්න තවම අනාවරණය වී නොමැති බවත් වීරකැටිය පොලීසිය පවසයි.

වෙි වැදුණු පුද්ගලයා කොළපාට සරමකින් හා සුදු කමිසයකින් සැරසි සිට තිබේ.

සිද්ධිය සම්බන්ධව වීරකැටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරමිභ කර ඇත.

මෙම සිදුවීමට අදාලව වීරකැටිය පොලිසිය මහජන සහාය ඉල්ලා ඇති අතර, තොරතුරක් දන්නේ නම් 047 22 46222 / 047 22 47222 මෙම දුරකථන අංකයන්ට දැනුම් දෙන්න.

මේ අතර ඝාතන රැසකට චෝදනා එල්ලවී සිටිය දී අත්අඩංගුවට ගත් සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවූ තොරතුරු වලට අනුවයි.

පසුව සැකකරු බණ්ඩාරගම - රයිගම ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් අසළට රැගෙන ගොස් ඇති අතර එහි තිබිය දීයි මෙම පිස්තෝලය සහ ජීව උණ්ඩ සොයා ගෙන ඇත්තේ.

අදාළ පිස්තෝලය චීනයේ නිෂ්පාදිත විශේෂ වර්ගයේ ගිනිඅවියක් වන අතර ඊට උණ්ඩ 16ක් යෙදිය හැකි බවට පොලීසිය විසින් අනාවරණය වී කරගෙන තිබේ.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනයෙන් පසුව කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීම සඳහා පැමිණ සිටිය දී පසුගියදා බූරු මූණා අත්අඩංගුවට පත්වුණා.

එහෙත් එම අවස්ථාවේ දී ඔහු පළාගිය අතර සැකකරු සැඟව සිටි බණ්ඩාරගම - රයිගම මල්වත්ත ප්‍රදේශයේ නිවසට ආසන්නයේ පිහිටි සුසාන භූමියක ඔහු විසින් මෙම ගිනිඅවිය වළදමා සඟවා තිබූ බවටයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now