අවුරුදු දෙකේ පුතුගේ වෙඩි තැබීමෙන් ගැබිනි මව සහ නූපන් දරුවා මෙලොව හැරයයි..
එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක් සහ ඇගේ නූපන් දරුවා අවුරුදු දෙකේ පුතා අහම්බෙන් තැබූ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 02 හැවිරිදි දරුවා නිවසේ තිබූ තුවක්කුවකින් මවගේ පිටුපසට වෙඩි තබා ඇති බවයි.
පොලිස් ප්‍රධානී ඩේවිඩ් ස්මිත් අඟහරුවාදා ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ ගැබිනි මව වන 31 හැවිරිදි Laura Ilg 911ට කතා කළ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,පොලිසිය ඔහියෝ හි නොර්වෝක් හි පිහිටි නිවසට ඉක්මනින් පැමිණි අතර Laura Ilg රෝහලට ගෙන ගිය නමුත් හදිසි සීසර් සැත්කමකින් පසු ඇගේ නූපන් දරුවා බේරා ගැනීමට නොහැකි වූ බවයි.
Laura Ilg ඇගේ තුවාල හේතුවෙන් පැය කිහිපයකට පසු මියගොස් තිබෙනවා.
නෝර්වෝක් පොලිස් දෙපාර්තමේන්තුව සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළේ තරුණ මවගේ සහ ඇගේ නූපන් පුතාගේ ඛේදජනක අභාවයෙන් විපතට පත් පවුලේ අයට, මිතුරන්ට සහ සියලු දෙනාට ශෝකය ප්‍රකාශ කරන බවයි.