කඩුවක් සමග කාන්තාවක් ඇපයට තියාගත් පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මරුට..
Police spokesman
Sri Lanka Police
Gun Shooting
By Aruna
කඩුවක්ද රැගෙන මාවනැල්ල, පදීදොර ප්රදේශයේ දී කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට එම කඩුවෙන් පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මියගිය සිදුවීමක් වාර්තා වනවා.
මෙම සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙකු බවයි, පොලිසිය පැවසුවේ.
මෙම සිදුවීමට අදාලව තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ප්රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.