ප්රසිද්ධ විහාරස්ථානයක හිමි නමක් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පොලිස් වෙඩි ප්රහාරයකින් මියයයි..
ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
සැකකරු අත්තනගල්ල යටවක ප්රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකටයුතු පුද්ගලයෙකු ප්රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.