නොහිතපු වෙලාවක, කැබිනට් රැස්වීමෙන් පස්සෙ දේශපාලන ප්‍රබලයෙක්ට වෙඩිල්ලක් පත්තු වෙලා..(VIDEO)

Crime Gun Shooting Latest Headlines Decision Making
By krishani May 15, 2024 02:59 PM GMT
krishani

krishani

in අපරාධ
Report

ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නොහිතපු වෙලාවක, කැබිනට් රැස්වීමෙන් පස්සෙ දේශපාලන ප්‍රබලයෙක්ට වෙඩිල්ලක් පත්තු වෙලා..(VIDEO) | Shooting Attack On The Prime Minister Of Slovakia

එම සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ රෝහල්ගතකර තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කැබිනට් රැස්වීමකින් පසුව බව සඳහන් වේ.

නොහිතපු වෙලාවක, කැබිනට් රැස්වීමෙන් පස්සෙ දේශපාලන ප්‍රබලයෙක්ට වෙඩිල්ලක් පත්තු වෙලා..(VIDEO) | Shooting Attack On The Prime Minister Of Slovakia

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.

වීඩියෝ දර්ශන -BBC News


මේ අතර, සිංගප්පූරුවේ වසර 20කට අධික කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ වසර 20 ක බලයෙන් පසුව ය.

අද (15) ඔහු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලනය භාර දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

1965 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දා සිට සිංගප්පූරුවට අගමැතිවරු තිදෙනෙක් පත් විය.

ඒ තිදෙනාම පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයෙන් (PAP) එනම් ලීගේ පක්ෂයෙන් තේරී පත්වූ අය වන අතර පළමුවැන්නා වූයේ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස ලෙස සැලකෙන සහ වසර 25 ක් රට මෙහෙයවූ ලී ගේ පියා වන ලී ක්වාන් යූ වේ.

කෙසේ වෙතත්, ඒ අනුව දශක දෙකකට වැඩි කාලයක් සිංගප්පූරුවේ නායකයා ලෙස ලී සිය සලකුණ තබා මෙලෙස එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%