සජීවී රූපවාහිනී විකාශයක් අතරතුර වෙඩි තැබීමක්..ප්‍රබල දේශපාලනඥයෙකු මරුට.(VIDEO)

India Accident
By Aruna Apr 16, 2023 07:54 AM GMT
Report

අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඉන්දීය හිටපු දේශපාලනඥයෙකු සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා.

උත්තර් ප්‍රාන්ත හිටපු දේශපාලනඥයෙකු වන අතීක් අහ්මඩ් රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර මෙසේ ඝාතනයට ලක්ව ඇත. අතීක්ට අමතරව ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහ්මඩ් ද එම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

පොලීසිය බලා සිටියදීම මෙම වෙඩිතැබීම සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරට වෙඩික්කරුද අයත්ය.

සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now