මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මිය යයි..

Sri Lanka Accident
By Aruna Aug 30, 2022 01:17 AM GMT
Report

ඊයේ (29) රාත්‍රී කාලයේදී මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා.

මෙම වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ පිස්තෝලයක් භාවිතා කර අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 26 ක් පමණ වූ මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලිසිය සැකකරනු ලබන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now