ලබන 15 වැනිදා පාසල් දරුවන් වෙනුවෙන් සතුටුදායක තීරණයක් ගනී..එම තීරණය මෙන්න.
Ministry of Education
Parliament of Sri Lanka
Ranjith Siyambalapitiya
Sri Lankan Schools
Education
By Aruna
ලබන මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් සහ බෑග්වල මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 10%කින් එම මිල පහත දැමීම සඳහා තීරණය කළ බවයි වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.
මේ අතර, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා.
යම් අයෙකු විභාග දෙපාර්තමේන්තුවේ නියෝග නොතකා කටයුතු කළ හොත් එවැනි පුද්ගලයින් 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ.
2022 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දින සිට ජූනි 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568 කදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |