අගමැති ආර්යාවටත් දැඩි විරෝධයක්..ශිරන්ති එන උත්සවයකට විරෝධතාකරුවන් කඩා පනී...(PHOTOS)

Nuwara eliya Shiranthi Rajapaksha
By Aruna Apr 01, 2022 08:41 AM GMT
Report

නුවරඑලිය මහ නගර සභාව විසින් අද(01) දින සිට මේ මස (30) දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භුමියට කඩා වැද තිබෙනවා.

නුවරඑලිය ග්‍රේගරි වැවෙහි මාගස්තොට ප්‍රදේශයේ අද (01) දින උදෑසන එම නගර සභාවේ නගරාධිපති ගේ ප්‍රධානත්වයෙන් වසන්ත උදාන සමාරම්භක උත්සවය ආරම්භ කෙරිණ.

එම උත්සව භුමියට පෙලපාලියකින් පැමිණි පිරිසක් උත්සව භුමිය තුල කලහකාරි ලෙස හැසිරෙමින් වසන්ත උදානය නතර කරන ලෙසට ඉල්ලා සිටියි.

ප්‍රදේශවාසින් උත්සව භුමියට ඇතුල්වීම වැලැක්විමට පොලිස් නිලධාරින් දැඩි උත්සාහයක නිරත වුවද ප්‍රදේශවාසින් මේ වන විට උත්සව භුමියට ඇතුල්වී කලහකාරි ලෙස හැසිරෙමින් පවතී.

මෙම විරෝධතාව පැවැත්වී ඇත්තේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම අවස්ථාවට පැමිණෙන බව ප‍්‍රචාරය වීම සමගිනි.

දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් තොරව පවත්වන ලෙසටත් විරෝධතාකරුවන් ඉල්ලා ඇත.

මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වන්නේ යයි වාර්තා වූ නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයේ සමාරම්භක උළෙලටද ජනතාව පැමිණ විරෝධය පා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery