මෙරට ප්‍රභල කාන්තාවක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..!

Sri Lanka cabinet Dehiwala Zoo Sharmila Rajapaksha
By Sewvandhi Mar 31, 2022 01:33 AM GMT
Report

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තමන් ධුරයෙන් ඉවත් වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, පසුගිය සඳුදා තමා ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය සී.බී. රත්නායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.

ශර්මිලා රාජපක්ෂ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වන දා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගත් අතර අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති ඇයගේ රාජකාරීවලට දිගින් දිගටම බාධා එල්ල කර තිබුණා.

එමෙන්ම, දෙහිවල සත්වෝද්‍යානයේ කඩා කප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව පසුගිය දා සිය ධූරයෙන් ඉවත් වූ අතර පසුව යළි එම ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළා.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත සදහන් කළේ ඇතැම් සේවකයන්ගෙන් තමන්ට තවදුරටත් බලපෑම් එල්ල වන බවටයි. දෙහිවල සත්වෝද්‍යානයේ උද්ගත වූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් මගින් විමර්ශනයක් සිදුකළ අතර එම විමර්ශන වාර්තාව පසුගිය සදුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.

එම වාර්තාවේ මතුව ඇති තත්ත්වයන්ට ගත යුතු ක්ෂණික විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුවයි මෙලෙස ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

එමෙන්ම, ධුරයෙන් ඉවත් වූ ශර්මිලා රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන්ට සිය ප්‍රතිපත්ති සතුන්ට ඇති ආදරේ තරමටම වටිනා බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now