අඛණ්ඩ විරෝධතා හමුවේ බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා සිය ධුරය අත්හරියි

Bangladesh
By Sithumini Aug 05, 2024 10:02 AM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට සිය ධුරයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා

ඒ ඇයවෙට්ග එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේයි.

මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙර සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගෙන තිබුණා.

මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී ඇති අතර පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නව ආණ්ඩුවක් පත්කරන තුරු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉවත්වන ලෙසයි එරට ආරක්ෂක අංශ ජනතාදගෙන් ඉල්ලා සිටින්නේං