අරගරලකරුවන් සොරාගත් රටේම අවධානය දිනාගත් ශෙයික් හසීනාගේ ආදරණීය සුරතලා..
Sheikh Hasina
Consumer Protection
Bangladesh
By Sithumini
පසුගියදා බංග්ලාදේශයේ සිදුවූ බිහිසුණු අරගලයටත් සමග එරට අගමැතිනි ශෙයික් හසීනාගේ සුරතල් සතුන් දෙදෙනා අතුරුදන් වුණා.
කෙසේවෙතත් හිටපු බංග්ලාදේශ අගමැතිනි සුරතල් පූසා ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබෙනවා. මෙම පූසා අගෝස්තු 05 වැනිදා අරගලකරුවන් ඇගේ නිල නිවසින් සොරාගෙන ගොස් ටකා හතළිස් දහසකට විකුණා තිබුණා.
කෙසේ නමුත් සත්ත්ව ප්‍රේමී සංවිධාන හා ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකින් පසුව අගමැතිනියගේ සුරතල් පූසා මෙන්ම ඇගේ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා ද සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අරගලකරුවෝ අගමැතිනියගේ යට ඇඳුම් සේම කුණු බාල්දි පවා සොරාගෙන ගියහ.
මේ අතර සෙනසුරාදා දිනයේදී සිදුවූ ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා එරට අගවිනිසුරු ඩබයිදුල් හසන් ඉල්ලා අස්ව තිබේ. එරට ජනාධිපතිවරයා විසින් පසුව නව අගවිනිසුරුවරයකු පත්කර ඇත