රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් සඳහා නව වගකීමක්..
Ranil Wickremesinghe
Shehan Semasinghe
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
By krishani
නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් නව පත්කිරීම් සිදුකර ඇත.
ඒ අනුව වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර ඇති අතර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ.
ඒ අනුව අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු සිදුකිරීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.