වැඩබලන මුදල් ඇමතිගෙන් දේශීය ණය ගැන විශේෂ ප්‍රකාශයක්..!

Shehan Semasinghe Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Jun 18, 2023 08:45 AM GMT
Report

 වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩපිළිවෙල මෙතෙක් අවසන් කර නොමැති බවයි.

එනම් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පුර්ණ වශයෙන් කැපවී සිටින බවයි.

 සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ නිගමනයකින් තොරව සිදුකරන ප්‍රකාශ මඟින් වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටෙනු ඇති බවය.

එබැවින් ඒ පිළිබඳව වගකීම් සහගතව ප්‍රකාශ නිකුත්කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා සිය ට්ව්ටර් ගිණුමේ සටහන් කර ඇත.

එනම්, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයන්තනය සම්බන්ධයෙන් ද්විපාර්ශික ණයහිමියන් සමඟ ප්‍රගතියක් ළඟා කරගෙන ඇති අතර ඒ පිළිබඳ හිතකර එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු වන බවද ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.