ආසියාවේ ධනවත්ම නළුවා ශාරුක් ඛාන් වෙයි - ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ ද සුපිරි තැනක්..

By krishani Jan 18, 2023 06:17 AM GMT
Report

ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙන බව වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස්ටික්ස් හි නවතම දත්ත අනුව වාර්තා වේ.

ඔහු ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකම් කියන අතර ඒ අනුව ශාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නළුවා බවටද පත් වී ඇත.

බොලිවුඩයේ සුපිරි තරුවවන ශාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ හොලිවුඩයේ සුපිරි නළුවන්වන ටොම් කෲස්, ජැකී චෑන් හා ජෝර්ජ් ක්ලූනි අබිබවා යමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join