මෙරට ප්‍රධාන සමාගම් 08ක් අත්හිටුවයි..හදිසියේ ගත් තීරණය මෙන්න.

Colombo Sri Lanka Businessman
By Aruna Nov 29, 2022 05:27 AM GMT
Report

ප්‍රධාන ලැයිස්තුගත සමාගම් 08 ක කොටස් ගනුදෙනු 2022 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවට කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙනවා.

ඒ 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතුවෙන්.

ඔඩෙල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, ඔෆිස් ඉක්වීප්මන්ට්, ටෙස් ඇග්‍රෝ, හුනාස් හෝල්ඩිංග්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, නවලෝක හොස්පිටල්ස් හා පැරගන් සිලෝන් යන සමාගම් මෙලෙස නියමිත කාලසීමාව තුළ දී වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති සමාගම් වනවා.

මේ සම්බන්ධව කොළඹ කොටස් වෙළෙඳපොළ නිකුත් කළ නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now