ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ශාන්ත බණ්ඩාරව ඉවත් කෙරේ - දයාසිරිගෙන් විශේෂ ලිපියක්..!
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.
නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනට එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව සහ ඔහුගේ උපදෙස් මත පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසිනුයි ශාන්ත බණ්ඩාර මහතාට මේබව ලිපියකින් දන්වා ඇත්තේ.
ඒ අනුව මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් පක්ෂයේ උප ලේකම් මධ්‍යම කාරක සභා සාමාජිකත්වය සහ යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක තනතුර ඇතුලු පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම ඉදිරි විනය කටයුතු පිළිබඳ පියවර ගැනීමට ද තීන්දු කර ඇති බව එම ලිපිය මගින් දන්වා ඇත්තේ. ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය තනතුර සඳහායි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඊයේ දිවුරුම් දෙනු ලැබුවේ.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් පසු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ද හිස් වූ අතර, එම පුරප්පාඩුවට යි ශාන්ත බණ්ඩාර පත් කළා. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් අයෙක් වීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
