ගේ ඉස්සරහා උද්ඝෝෂණ කරන්න එපා චූටි දෝණි ඊයේ රෑ බඩගින්නේ - ශාන්ත බණ්ඩාර සංවේදී ව කඳුලු සලයි (VIDEO)

srilanka protest politics Shantha bandara
By Sithumi Apr 15, 2022 06:27 PM GMT
Report

තමන් ගත් දේශපාලනික තීරණය සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. 

 කුරුණෑගලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළ අතර ඊයේ (14) සිය නිවස ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා සංවේදී වුණා

. සංවේදී ව කඳුළු සලමින් අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රශ්නයක් ඇත්නම් තමාව හමුවී ඕනෑම අයෙකු තමාව ප්‍රශ්න කළ හැකි බවත්, ඊට උත්තර ලබාදීමට තමන් සූදානම් බවත්, එහෙත් තම නිවස ඉදිරිපිට උද්ඝෝෂණ නොකරන ලෙසයි. ඊයේ උද්ඝෝෂණය හේතුවෙන් සිය කුඩා දියණිය රාත්‍රියේ කිසිදු ආහාරයක් නොගත් තත්ත්වයකට පත් වූ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now