වහාම ශානිගේ ආරක්ෂාව ගැන හදිසි තීරණයක් ගනී..!

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Dec 14, 2023 11:13 AM GMT
Report

අද (14) ආරක්ෂක බලධාරීන්ට, තර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.