ශානිට ආරක්ෂාව..! නීතිපති දැනුම්දෙයි..
CID හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.
සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා එම දැනුම්දීම සිදුකළා.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, පෙත්සම්කාර ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවයි. ඊට අමතරව නිවසේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු ලබාදීමට කටයුතු කරන බවත් ඔහු දන්වා තිබෙනවා.
අදාළ පෙත්සම දෙසැම්බර් මස 15 වනදා කැඳවන බවට නියෝග කළ බවයි වාර්තාකරු සඳහන් කළේ. පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ, තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස තමන් විසින් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ඉල්ලීමක් කළ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |