කවුරුත් පුදුම කරමින් එලියට ආ සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත - මිලියන ගණනක් වත්කම් වල අයිතිය කාටද..?

Shane Warne
By Sewvandhi මාස 1 කට පෙර
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබේ.

මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට තීරණය කර ඇත. ඒ අනුව ඩොලර් මිලියන 20.7ක් වටිනා ඉඩම් වත්කම් ඔහුගේ දරුවන් අතරේ බෙදාදීමට නියමිතය.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම වත්කම් අතරින් සියයට 7.5ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් තිදෙනෙකු වෙත පැවරීමටද සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති බවය.

කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිඳ වෙත සිය දේපළවලින් කිසිවක් පැවරීමට කටයුතු කර නොතිබීමද විශේෂත්වයකි.මේ අතර ෂේන් වෝන්ට අයත් සියලුම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරාදීමට කටයුතු කර තිබීම ද තවත් විශේෂත්වයකි.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ෂේන් වෝන්ගේ පුද්ගලික ණය සහ සෙසු බැංකු ගිණුම්වල ඇති අතිවිශාල ධනයද බෙදී යන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර ඇති බවය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේ සංචාරයක් අතරතුරදී හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් දිවි ගමන නිමා කළේය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now