මගේ ආදර කතාව අවුරුදු අටක්..අදටත් අපි හොඳම යාලුවෝ - ශලනි තාරකා (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 03, 2023 02:48 PM GMT
Report

ශලිනි තාරකා කියන්නේ අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ආදරය ගැන ශලනි පවසා සිටියේ මෙවන් අදහසක්. 

 "ආදරය ගැන මගේ ජීවිතේ එක එක කාලවල දී එක එක අත්දැකීම් ලබලා තියෙනවා.ආදරය නිසා දුක් විඳලා තියෙනවා.

ආදරය නිසා සතුට විඳලා තියෙනවා.ආදරය කියන දේ ඇතුළේ මම පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම කිසිම කෙනෙක් එක්ක තරහ නෑ.මගේ දීර්ඝකාලීන ආදර කතාව නතර වෙලා අවුරුදු අටක්.හැබැයි අදටත් අපි හොඳම යාළුවෝ."

  "ආදරය ගැන මගේ ජීවිතේ එක එක කාලවලදී එක එක අත්දැකීම් ලබලා තියෙනවා. ආදරය නිසා දුක් විඳලා තියෙනවා. ආදරය නිසා සතුට විඳලා තියෙනවා. ආදරය කියන දේ ඇතුළේ මම පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම කිසිම කෙනෙක් එක්ක තරහා නෑ. මගේ දීර්ඝකාලීන ආදර කතාව නතර වෙලා අවුරුදු 08 ක්. හැබැයි අදටත් අපි හොඳම යාළුවෝ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්

. සිනහවෙන් ළඟට ගන්න දේවල් සිනහවෙන්ම අතහරින්න පුළුවන් මට්ටමට අපි හිත හදාගන්න ඕනෑ. ආදරේ බලෙන් හිරකරලා තියාගන්න බැහැ. එයාට නිදහස දෙන්න ඕනේ. ඒ නිදහස ඇතුළෙත් මං ගාවම එයා රැඳෙනවා නම් ඒක තමයි ආදරේ. ආදරේ ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණදාට. ඒ වගේ ආදරයක් මම දැන් විඳිනවා

. ඇත්තටම ඔව්. නිළියක් විදියට මම මගේ ජීවිතේ යන්න ඕනෑ ඉහළටම දැන් ඇවිත් තියෙන්නේ. පොඩි වයසකදි ජනප්‍රිය නිළිය, හොඳම නිළිය සම්මාන දෙකම එකම වේදිකාවේ ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. අවුරුදු 17 ක් පුරාවට මට කන්න අඳින්න, වාහනයක්, ගෙයක් මේ හීන සියල්ල සැබෑ කර ගත්තේ කලාවෙන්. ඒකට මම කලාවට හැමදාමක් පිං දෙනවා. ජීවිතේ සතුට මට දුන්නේ කලාව."