"..එයත් මගේ ළඟ හිටියා ඒක දාද්දි.. එයාලා කිව්වා වයස ප්‍රශ්නයක් නෑ ආදරේට කියලා.." සුරූපී ශලනි තාරකා හෙලිකල රහස..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Jan 27, 2023 09:37 AM GMT
Report

කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන, සුරූපී රංගන ශිල්පිණියක් තමයි ශලනි තාරකා කියන්නේ. ඉතින් ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය චරිතයක්. 

ඒ වගේම ළගදීම ඇය විවාහ වෙන කතාවත් දැන් කාටවත් රහසක් නෙවෙයි.

මේ තියෙන්නෙ මෑතක ඇය යූටියුබ් නාලිකාවක් එක්ක කරපු කතාබහක්..

"මම ආදරේ කරන්නෙ මට.. ඇක්ශන් කට් අස්සෙ විතරයි මම නිළිය වෙන්නෙ. එතකන් මම මගේ විදිහට ඉන්නෙ. ලොකුවට මම එහෙම හිතන්නෙ නෑ. මා එක්ක සෙට් වෙන අය දන්නව මට පිස්සු කියලා. මම ඒ තරම් සතුටින් විනෝදෙන් ඉන්නෙ.."

අද කාලේ අයට පැවැත්මක් නැත්තේ ඇයි ? සමහර අය මමත්වයෙන් ඉන්නවා?

"ඒගොල්ලන් ඇචිව් කරගත්ත නැති නිසා වෙන්නැති ඒ මමත්වය. ඒක ඉතින් එක එක්කෙනා ගේ කැමැත්ත. මම සාමාන්‍යයෙන් පාටි දාගෙන ගොඩක් කට්ටිය එක්ක ඉන්න ආස කෙනෙක් නෙවේ..."

සචින් ලියනගේ ගැන ශලනි කිව්ව දේ..

"මට මල්ලි කෙනෙක් ඉන්නව නම් මම කැමති. සචින් මා එක්ක මාර ක්ලෝස්.. සෙට් එකේ වැඩ කරද්දි උනත් හැමදේම අහන කෙනෙක්. මුලින්ම අපි ෆොටෝ එකක් දැම්මා. ඒකට කමෙන්ට්ස් හාරදාස් ගාණක් ආවා. විශ් කරලා පවා දාලා තිබ්බා. අපි මියුසික් වීඩියෝ එකක් ශුට් කරන ගමන්.. එයත් මගේ ළඟ හිටියා ඒක දාද්දි..

මම කිව්ව බලන්නකෝ මේකේ කමෙන්ට්ස්. අපි පොඩ්ඩක් අවුස්සලා ගමුද කියල. පස්සෙ එයත් දැම්මා. සමහර අය බැන්නා. සමහරු අය කිව්ව කපල් එකක්. වයස ප්‍රශ්නයක් නෑ. ගැළපෙනවා කියලා දාලා තිබ්බා. අපි දෙන්න හරි ඕපනින්.. මාර පිස්සු නටන්නෙ අපි එකතු වුණාම. එහෙම අයගෙන් හම්බෙලා ඉන්නේ සාරංග දිනක්ශි දෙන්නා.. සාරංග අයියා එක්ක රගපාද්දිත් එහෙම කතා ආව. මේකත් එහෙම කතාවක් තමා.."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 



GalleryGalleryGalleryGallery