පාකිස්තානයේ අගමැති ධූරය වෙනස් වෙයි...! තෝරා පත්කරගත් නව අගමැති මෙන්න..

Pakistan international prime minister Imran Khan Navaz SharifShahabash Sharife
By Sewvandhi Apr 11, 2022 11:41 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පාකිස්ථාන ජාතික සභාව විසින් නවාස් ශරිෆ්ගේ සොයුරු ෂහබාස් ෂරීෆ් පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත්කරගෙන තිබෙනවා.

සිය සොහොයුරු ෂෙබාස් ෂරිෆ්ගේ පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නවාස් කණ්ඩායම, අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් පරාජයට පත් කිරීමත් සමඟ නැවතත් පාකිස්ථානයට පැමිණීමට හිටපු අගමැති නවාස් ෂරිෆ් ද තීරණය කර ඇති බව වාර්තා වනවා.

දැනට ලන්ඩනයේ වෙසෙන ඔහු රාමසාන් උපවාස සමය නිමාවූ පසු ලබන මස මුල දී පකිස්ථානයට පැමිණෙනු ඇතැ යි අපේක්ෂිත යි.

තුන්වරක් පාකිස්ථානයේ අගමැති ධුරය හෙබවූ නවාස් ෂරිෆ්ට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ලවූ අතර, 2019 වසරේ නොවැම්බරයේ ලන්ඩනය බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා ලාහෝර් මහාධිකරණයෙන් අවසර ලබාදීමත් සමඟයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now