තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ අයට අධිකරණයෙන් ලැබුණු නියෝගය..!

Colombo Sri Lanka Crime
By Sewvandhi Feb 24, 2023 01:57 PM GMT
Report

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා, කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එහි සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකුට දඩ නියම කර තිබෙනවා.

එහිදී සැකකරුවන් දෙදෙනාට රුපියල් හයලක්ෂ 50,000 බැගින් දඩ නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. 

 එමෙන්ම අදාළ තරුණියටද රුපියල් තුන්ලක්ෂ 50,000 ක වන්දියක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now