අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකට මිල ගණන් පනවයි - ඒ අනුව නව මිල ගණන් මෙන්න..
Sri Lanka Economic Crisis
Sri Lanka Food Crisis
Economy of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
a year ago
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සුදු සීනි, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් සහ සිල්ලර මිල රුපියල් 1,100ක් සහ 1,300ක් වන බව සඳහන් වේ.
එමෙන්ම, සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 280ක් වේ.
එහි සිල්ලර මිල පරාසය වන්නේ රුපියල් 280ත් 320ත් අතර වේ.
තව ද ආනයනික ලොකු ලුනූ කිලෝවක තොග මිල රුපියල් 380ක් වේ.
එහි සිල්ලර මිල පරාසය වන්නේ රුපියල් 420ත් 580ත් අතරයි.
කෙසේ වෙතත්, සිල්ලර වෙළඳසැල්හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බැවින් මෙම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery