ට්‍රැෆික් OIC ගේ යතුරු පැදියට ගිනි තබයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 19, 2023 02:34 PM GMT
Report

ඊයේ (18) රාත්‍රියේ දී දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ යතුරුපැදිය ගිනි තබා විනාශ කර තිබේ.

 එනම්, පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (18) රාත්‍රියේ තම යතුරුපැදියෙන් දියතලාව නරගය වෙත ගොස් ඇති අතර, ඔහු විසින් බීමත් ත්‍රීරෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්පසු ස්ථානාධිපතිවරයා තම යතුරුපැදිය දියතලාව නගරයේ දමා බීමත් රියදුරු විසින් පදවාගෙන එන ලද ත්‍රීරෝද රථය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.

ත්‍රීරෝද රථය පොලිස් ස්ථානයේ දමා මෙම නිලධාරියා යතුරුපැදිය රැගෙන ඒම සඳහා දියතලාව නරගය වෙත ගොස් ඇති අතර එහෙත් යතුරුපැදිය නවතා තිබූ ස්ථානයේ තිබී නැත.

වාර්තා වන පරිදි, පසුව අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් සොයාබැලීමක් කර ඇති අතර, එහිදී යතුරුපැදියක් ගල්කන්ද ප්‍රදේශයේ ගිනිගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

පසුව ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, මෙම ගිනි ගෙන ඇති යතුරුපැදිය දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.