දළදා වහන්සේට අපහාස කළ සේපාල ගැන ගත් තීරණය..!

Sri Lanka
By Sewvandhi Jan 05, 2023 06:30 AM GMT
Report

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටීයේ, සේපාල් අමරසිංහ නැමැත්තා එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බවයි.

ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා.

"ශ්‍රී දළඳා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නෙවෙයි සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ, ඒක නිසා ශ්‍රී දළඳා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත්ම අයිතියක් නෑ. පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල් අමරසිංහ නැමැත්තෙක් ඉතාමත් මිලේච්ච විදියට ඉතාමත්ම නින්දිත විදියට දළඳා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාව වන අපිත් හිත් සෑහෙන්න පෑරිලා තියෙන්නේ.

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා ඔහු මිත්‍යාදෘෂ්ඨිකයෙක් කියලා ඔහුට කියාගන්න. ඒකට අපි විරුද්ධවෙන්නේ නෑ. ඔහු හිතනවා නම් ඔහු මන්ධබුද්ධිකයෙක් කියලා ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්, ආණ්ඩුවක් විදියට පැහැදිළිව කියනවා මේ රටේ ආගමික ගැටුමක් ඇතිකරන්න හදන මේ තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now