සංවේදී පුද්ගලයින් එළියට යෑමෙන් වළකින්න..ගියොත් වෙන දේ මෙන්න.

Colombo Kurunegala TN Weather Weather
By Aruna Jan 17, 2024 12:32 AM GMT
Report

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16) දිනයේදීbද මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කළා.

ඒ අනුව, කුරුණෑගල, මහනුවර, කොළඹ, යාපනය, මොණරාගල, නුවරඑළිය ආදී දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක තත්ත්වය මෙලෙස පහත වැටී තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබිණ.

එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකය අනුව කොළඹ 07 සහ කොල්ලුපිටිය ආශ්‍රිත ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මක තත්ත්වය අඩුවී තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, කොල්ලුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව එම අගය 107 ක් ලෙසද, කොළඹ 07 ආශ්‍රිත අගය 141 ක් ලෙසද වාර්තා විය.

මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇති කරන බැවින් වැඩි වේලාවක් වාතයට විවෘව සිටීමෙන් වළකින්න.

Sponsored By Sarrita Jewellery

සංවේදී පුද්ගලයින් එළියට යෑමෙන් වළකින්න..ගියොත් වෙන දේ මෙන්න. | Sensitive People Should Avoid Going Out