අලුත උපන්දරුවන්ගේ උපත ලියාපදිංචිකර නිවසට එන විට දරුවන් සහ බිරිද මියගිහින්.. ගාසාවෙන් ඇහෙන ලොවම කම්පාවෙන සිදුවීම.

Israel Israel-Hamas War Gaza Iran-Israel Cold War
By Sithumini Aug 19, 2024 08:07 PM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report

යුද්ධය යනු හුදෙක් ජයග්‍රහණයකට එහා ගිය කුරිරු අමානුෂීය තත්වයක් බව මුළු මහත් ලෝකයම මේ වන විට දන්නවා.

මෙම තත්වය තවතවත් තීව්‍ර කරන කාරණාවක් බවට පත් කරන්නට සමත්වන තත්වයක් ලෙස ගාසාහි දිනෙන් දින සිදුවන අතිශය අමානුශීය මරණ දක්වන්නට පුළුවන්.

අද අපි ඔබට කියන්නෙත් එවැනි වූ අමානුශිය තත්වයක් ගැනයි. පසුගියදා සිදූවූ මේ තත්වය ඔබව නිසැකවශයෙන්ම සංවේදි කරවනු නොඅනුමානයි.

ගාසාහි උපත ලැබූ තම දරු දෙදෙනාගේ උපත ලියාපදිංචි කිරීමට ගිය පියෙකුට අත්වූ ඉරණමක් ගැනයි මේ සිදුවීම.

ඔහු නමින් මොහොමඩ් අබු අල් හසාන්. ඔහු ජීවත්වන්නේ ගාසාහියි. ඔහුගේ අලුත උපන් නිවුන් දරු දෙදෙනා ලියාපදිංචි කිරීම සදහා සිය ගමේ ප්‍රාදේශීයා කාර්‍යාලය වෙත ගොස් තිබුණා.

ඔහු සිය දරු දෙදෙනාගේ උපත ලියාපදිංචිකර නැවත පැමිණීමේදි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහුගේ බිරිද සහ අලුත උපන් මෙම දරු දෙදෙනා මියගොස් තිබුණා. මෙම සිදුවීම් ඇසීමම පවා කොතරම් ලෝකයම සංවේදි කරන්නේද?.

එම පියා සංවේදි වූ අයුරු මුළුමහත් ලෝකයම සංවේදි කරන්නට සමත්වුණේ විදෙස් මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කිරීමත් සමගයි. ඔහු මාධ්‍යවෙත මෙලෙඩ අදහස් පළ කර තිබුණා.

තිබුණා.

"මම දන්නේ නෑ මොනවා වුණාද කියලා මට කිව්වේ ගෙදරට ශෙල් ප්‍රහාරයක් එල්ල වුණා කියලා.අඩුම මට දරුවන් එක්ක සතුටු වෙන්නවත් වෙලාවක් නැතිවුණා."