තැන්පතුවක් අවලංගු කරයි - මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්..!

Central Bank of Sri Lanka Sri Lanka Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Oct 16, 2022 09:38 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීරඝ නොකරන බව ද වාජින බැංකු කියයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වානිජ බැංකු වසර ගණනාවක සිටම කටයුතු කළේය.

මේ පිළිබඳව කළ විමසුමකදී වානිජ බැංකුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට මේ වන විට සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබ ගත හැයි.

එම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් අහිමි කිරීමෙන් තැන්පත් කරුවන්ට පාඩුවක් නොවන බව ද ඔහු කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now