ගෘහ සේවිකාවන් රට යැවීම නතර කරයි..අලුත්ම තීරණය මෙන්න..

Manusha Nanayakkara Sri Lanka
By Sewvandhi Dec 18, 2022 10:42 AM GMT
Report

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටින්නේ, ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගත කිරීම නතර කරන බවයි.

එනම්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 අමාත්‍යවරයා එම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

එමෙන්ම මේ වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබේ. විදේශ රැකියා අමාත්‍යවරයා සඳහන් කළේ, ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවය.

ඒ අනුව, අද දිනය වන විට 6,120ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර මෙම වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටය වන අතර එය 76,579කි. 

  කටාර් රාජ්‍යයට 69,992දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now