තමිල්නාඩු ජනතාව සෙන්තිල් තොණ්ඩමන්ගේ උපන්දිනය මහත් හරසරින් සමරයි. (PHOTOS)

By Wayomi Nov 04, 2022 11:34 AM GMT
Report

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ නායක සහ තමිල්නාඩු ජල්ලිකට්ටු සුබසාධක සංගමයේ ගරු සභාපති සෙන්තිල් තොණ්ඩමන් ශ්‍රී ලංකාවේ සිටින වැදගත්ම දේශපාලන නායකයෙකි. ඔහු තමිල්නාඩුවේ ජල්ලිකට්ටු සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදෙනවා.

සෑම වසරකම ඔහුගේ උපන් දිනය (ඔක්තෝබර් 31) තමිල්නාඩුවේ ඉතා ඉහළින්ම සමරනු ලැබුවා. එලෙසම මෙවරද ට්‍රිචි ප්‍රදේශයේ සෙන්තිල් තොණ්ඩමන්ගේ උපන්දිනය ජල්ලිකට්ටු සුබසාධක සංගමය විසින් කේක් කපා මල්මාලා පළඳවමින් මහත් උද්යෝගයකින් යුතුව සමරනු ලැබුවා.

ජල්ලිකට්ටු සුබසාධක සංගමයේ සභාපති ඔන්ඩිරාජ්, තරුණ නායක රාජේෂ්, ජාතික සංවිධායක රාජා, සම ලේකම් සුන්දර් යන මහත්වරු ඇතුළු ජල්ලිකට්ටු සුබසාධක සංගමයේ සංවිධායකවරු 1000කට අධික පිරිසක් මෙම උපන්දින උත්සවයට සහභාගි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW

 

GalleryGalleryGallery